යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.
විනිශ්චයකාරයෝ 13:18 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ දූතයාද: නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි කීවේය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය. |
යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.
යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.
පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.
උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම්වෙමින් උන්වහන්සේගේ හඬට කන්දෙන්න; උන්වහන්සේ කෝප නොකරන්න; මක්නිසාද උන්වහන්සේ නුඹලාගේ අපරාධවලට කමා නොවනසේක; මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුළ ඇත්තේය.
තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.