විනිශ්චයකාරයෝ 11:14 - Sinhala Revised Old Version යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙතට නැවත පණිවිඩකාරයන් යවා: Sinhala New Revised Version ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය. Sinhala New Revised Version 2018 ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය. |
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.
අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.
යෙප්තා මෙසේ කියන්නේය–ඉශ්‍රායෙල් මෝවබ් දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත.