ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 1:26 - Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 1:26
4 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,


ඔව්හු රථයක් රිදී ෂෙකෙල් හසියය බැගින්ද අශ්වයෙක් එකසිය පනහ බැගින්ද මිසරයෙන් ගෙනාවෝය. එසේම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ගෙනත් දුන්නෝය.


නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය.


මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.