ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 1:10 - Sinhala Revised Old Version

එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 1:10
12 හුවමාරු යොමු  

සාරා කානාන් දේශයෙහිවූ කිරියත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්‍රොන් නම් ස්ථානයය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.


ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)


එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.


එග්ලොන්හි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ හෙබ්‍රොන්ට ගොස් ඊට විරුද්ධව යුද්ධකොට එය අල්ලාගෙන,


මීට පළමුවෙන් හෙබ්‍රොන් නුවරේ නම කිරියත්-අර්බාය; අර්බා වනාහි අනාක්වරුන් අතරෙන් ඉතා මහත් තැනැත්තාය. යුද්ධ නැවතී දේශය නිශ්චලවූවාය.


මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.


ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය.