Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:33 - Sinhala Revised Old Version

33 එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:33
17 හුවමාරු යොමු  

අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.


පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,


ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.


පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.


නුඹ දන්නාවූ අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත්වූ උස ඇත්තාවූ සෙනඟක් පන්නා දමන්ටත් යන්නෙහිය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි යන කීම නුඹ අසා තිබේ.


(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)


ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය.


(අනාක්වරුන් මෙන් මහත්ව බොහෝව උස්ව සිටි සෙනඟක් වන ඒමිවරු ඉහතදී එහි විසුවෝය.


ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)


එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව.


එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය.


ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.


එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.


කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.


සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ඒ මනුෂ්‍යයා දුටු විට බොහෝසෙයින් භයවී ඔහු ඉදිරියෙන් දිවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්