ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 1:1 - Sinhala Revised Old Version

යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 1:1
17 හුවමාරු යොමු  

තවද යෙහෝෂාපාට්: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්‍රායෙල් රජුට කීය.


මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය.


විනිශ්චයේ ළය වැස්මෙහි ඌරීම් සහ තුම්මීම් තබන්න; ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වන කල්හි ඒවා ඔහුගේ හෘදය පිට තිබේවා. ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන් හෘදය පිට නිතර දරන්නේය.


පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.


මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.


මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය.


ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්ටදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


(ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේද: යන්න, මක්නිසාද හෙට ඔවුන් නුඹලා අතට පාවාදෙන්නෙමියි කීසේක.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.