Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:21 - Sinhala Revised Old Version

21 මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:21
8 හුවමාරු යොමු  

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.


එබැවින්: මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක.


මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකර, මාගේ පනත් එපාකොට, මාගේ සබත් කෙලෙසුවෝය, ඔවුන්ගේ ඇස්ද තමුන්ගේ පියවරුන්ගේ දේවරූප දෙස තිබුණේය.


පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, නුඹලා ඉදිරියෙන් ඔවුන් එළවා නුඹලා ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; නුඹලාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.


යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්