ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.
ලෙවී කථාව 7:19 - Sinhala Revised Old Version අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන. Sinhala New Revised Version අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක. Sinhala New Revised Version 2018 අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක. |
ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.
ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය.
එහෙත් අපවිත්‍රකමක් ඇතුව ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය.
ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.
යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.
කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.
එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.