Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 14:20 - Sinhala Revised Old Version

20 කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 දෙවියන්වහන්සේගේ කාර්යය ඔබගේ කෑමක් උදෙසා විනාශ නො කරන්න. හැම දේම ඇත්තෙන්ම පවිත්‍ර ය. එහෙත් තමාගේ කෑමකින් අනෙකකු පැකිළවීම වරදකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 14:20
13 හුවමාරු යොමු  

නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත.


පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.


නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය.


කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය.


කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.


මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.


නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.


සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්