ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
ලෙවී කථාව 6:5 - Sinhala Revised Old Version තමා යමක් ගැන බොරුවට දිවුළේද ඒ දෙය හෝ ඔහු නැවත දිය යුතුය. එසේය, ඔහු සම්පූර්ණ වශයෙන් එය දෙමින් ඊට තව පහෙන් කොටසක්ද එකතුකර දිය යුතුය. ඔහු තමා වරදකාරයා වූ දවසෙහි ඒක අයිතිකාරයාට දේවා. Sinhala New Revised Version යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය. Sinhala New Revised Version 2018 යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන හැටියටත්,
මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය.
සොරාගත් දේ ගවයෙකු හෝ කොටළුවෙකු හෝ බැටළුවෙකු හෝ පණපිටින් ඔහු අත සම්බවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
මනුෂ්‍යයෙක් මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම් කරන පිණිස තමාගේ අසල්වාසියාට භාරදුන් කල්හි ඒ මනුෂ්‍යයාගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබුවොත් සොරාද අසුවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.
ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.
මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?
එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,
උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.
ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.
මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.