ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 27:12 - Sinhala Revised Old Version

පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පූජකවරයා ද උගේ හොඳ නරක හැටියට මිල නියම කළ පසු, ඒ මිල අවසාන තීරණය වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පූජකවරයා ද උගේ හොඳ නරක හැටියට මිල නියම කළ පසු, ඒ මිල අවසාන තීරණය වනු ඇත.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 27:12
4 හුවමාරු යොමු  

යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,


නුමුත් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට නොගන්නාවූ යම් අපවිත්‍ර මෘගයෙක් නම්, ඔහු ඒ මෘගයා පූජකයා ඉදිරිපිට සිටවිය යුතුය.


නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණන ස්වාමීන්වහන්සේට ශුද්ධ දෙයක්කොට දේවා.