ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමගිකමක් කරන පිණිස මේක නුඹලාට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.
ලෙවී කථාව 23:31 - Sinhala Revised Old Version කිසිම වැඩක් නොකරන්න. ඒක නුඹලාගේ සියලු පරම්පරාවලට නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය. Sinhala New Revised Version එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. Sinhala New Revised Version 2018 එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. |
ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමගිකමක් කරන පිණිස මේක නුඹලාට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.
එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන්වහන්සේගේ පඬුරක් නුඹලා ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් නුඹලා විසින් නොකෑ යුතුය. එය නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
ඒක නුඹලාට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, නුඹලාගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා නුඹලාගේ සබත් පවත්වන්න කීසේක.