එම දවසෙහිම එය කෑ යුතුය; පසුවදා වන තුරු එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය. මම ස්වාමීන්වහන්සේය.
එය පුද කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දින වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
එයින් කිසිවක් තුන්වෙනි දවසේදී කෑවොත් එය පිළිකුල්ය; එය පිළිගනු නොලබන්නේය.
නුඹලා ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න.
එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය.