අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
ලෙවී කථාව 18:12 - Sinhala Revised Old Version නුඹේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පියාට කිට්ටු නෑයෙක්ය. Sinhala New Revised Version නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. |
අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
නුඹේ පියාට දාව උපන්නාවූ නුඹේ පියාගේ භාර්යාවගේ දුව වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.
නුඹේ මෑණියන්ගේ සහෝදරීගේවත් පියාගේ සහෝදරීගේවත් නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔහු තමාගේ කිට්ටු නෑයා නග්නකෙළේය. ඔව්හු තමුන්ගේ අපරාධය දරන්නෝය.