ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.
රෝම 13:4 - Sinhala Revised Old Version මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය. Sinhala New Revised Version මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබගේ යහපත තකා දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. එහෙත් ඔබ වැරදි කරනවා නම් බය වන්න; මන්ද ඔහු අසිපත දරන්නේ අහේතුකව නො වේ. වරදකරුවාට දෙවියන්වහන්සේගේ උදහස පමුණුවන්නා වන දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. Sinhala New Revised Version 2018 මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. |
ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.
නුඹලා කරන්නේ මොකද කියා බලාගන්න. මක්නිසාද නුඹලා විනිශ්චයකරන්නේ මනුෂ්‍යයා උදෙසා නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; විනිශ්චයේදී උන්වහන්සේ නුඹලා සමඟ වනසේක.
රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය; ඔහු කෝපකරවන්නා තමාගේම ප්‍රාණයට විරුද්ධව වරදකරගන්නේය.
යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.
ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.
එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.
මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ලවා ඒදොම් පිටට මාගේ පළිගැනීම පමුණුවන්නෙමි; ඔවුන් මාගේ උදහසේද මාගේ කෝපයේද ප්‍රකාරයට ඒදොම්ට කරනවා ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය.
මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.
ලේ ගැන පළිගන්න අය ඔහු ලුහුබැඳ ආවොත් මිනීමැරූ තැනැත්තා ඔහු අතට පාවා නොදිය යුතුය; මක්නිසාද පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛරයක් නොතිබී, අත්වැරුද්දෙන් ඔහු මැරූ නිසාය.
වැරදිල්ලකින් මිනීමරන කවුරු නුමුත් සභාව ඉදිරියෙහි සිටින්ට පළමුවෙන් ලේ ගැන පළිගන්නාගේ අතින් මැරුම් නොකන පිණිස පලාගොස් සිටීමට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඔවුන් අතරෙහි සිටින විදේශීන්ද උදෙසා නියමකරනලද නුවරවල් මේවාය.