කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
රෝම 13:11 - Sinhala Revised Old Version තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ. Sinhala New Revised Version මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත. සිංහල කාලීන පරිවර්තනය මේ හැර, නින්දෙන් ඔබ අවදි විය යුතු පැය පැමිණ ඇති වග, කාලය දන්නා ඔබ දනී; මන්ද මුලින් අප අදහාගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ආසන්න ය. Sinhala New Revised Version 2018 මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත. |
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය.
උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය.
මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.
නුඹලත් ඉවසිල්ලෙන් සිටින්න; ස්වාමීන්වහන්සේගේ ඊම ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිරකරගන්න.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?
ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.
ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,
මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.
මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ.
මේ කාරණා ගැන සාක්ෂිදෙන තැනන්වහන්සේ කථාකොට: එසේය, මම ඉක්මනින් එමියි කියනසේක. ආමෙන්, ස්වාමිවූ යේසුස්වහන්ස, වැඩිය මැනව.