Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 16:3 - Sinhala Revised Old Version

3 උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 උදයට අහස රත් පැහැ ගෙන, අඳුරු වූ කල, ‘අද සුළං-කුණාටු දවසක් වෙතැ’ යි කියති. අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට කාලයේ ලකුණු ගැන අරුත් දක්වන්නට නො හැකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 16:3
11 හුවමාරු යොමු  

වංචාකාරයෙනි, පොළෝතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය; නුමුත් මේ කාලය විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද?


ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, නුඹලාගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?


අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.


නුඹලාට දුක්වේ! මක්නිසාද–නුඹලා නොපෙනෙන සොහොන් ගෙවලට සමානය, ඒවා උඩ ඇවිදින මිනිස්සු ඒවා නොදනිතියි කීසේක.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?


වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට:


වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය.


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්