ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 10:21 - Sinhala Revised Old Version

නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත්, ඉශ්‍රායෙල් ගැන ඔහු කියන්නේ, “දවස මුළුල්ලේ මා මගේ දෑත දිගු කරගෙන සිටියේ අකීකරුවූත්, හිතුවක්කාරවූත් ජනතාවක් වෙත ය” කියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.

පරිච්ඡේදය බලන්න



රෝම 10:21
19 හුවමාරු යොමු  

එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.


මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;


තවද ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවූසේක; එහෙත් නුඹලා ඇසුවේවත් අසන්ට නුඹලාගේ කන්යොමුකළේවත් නැත.


මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.


යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.


මක්නිසාද මම නුඹේ කැරළිකාරකමද නුඹේ කුළලේ තදකමද දනිමි. නුඹලා සමඟ දැන් මා ජීවත්ව සිටියදීම නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?


ස්වාමීන්වහන්සේ තව දුරටත් මට කථාකොට: මේ සෙනඟ බැලුවෙමි, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය.