රෝම 1:31 - Sinhala Revised Old Version අඥානයෝව, ගිවිසුම් කඩකරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව, දයා නැත්තෝව සිටියෝය. Sinhala New Revised Version පොරොන්දු කඩ කරන, අඥාන වූ, අනුකම්පාව නැති, දයාව නැති, අය ව සිටිති. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු බුද්ධිය නැත්තෝ ය; පොරොන්දු කඩ කරන තැනැත්තෝ ය, සිත්-පිත් නැත්තෝ ය, දයාව නැත්තෝ ය. Sinhala New Revised Version 2018 පොරොන්දු කඩ කරන, අඥාන වූ, අනුකම්පාව නැති, දයාව නැති, අය ව සිටිති. |
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
මහමාවත් පාළුවී තිබේ, මගයන කෙනෙක් නැත. ඔහු ගිවිසුම කඩකෙළේය, නුවරවල් සුළුකෙළේය, ඔහු කිසි මනුෂ්‍යයෙකු නොසලකයි
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලාත් එසේම තේරුම් නැතුව සිටින්නහුද? පිටතින් මනුෂ්‍යයා තුළට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍රකරන්ට නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැද්ද?
ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,