නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද?
රෝම 1:19 - Sinhala Revised Old Version මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේ ගැන දැනගත හැකි දෑ, ඔවුන් තුළ පැහැදිලිව පෙනෙන්නට තිබේ. මන්ද දෙවියන්වහන්සේ ඔවුන්ට ඒවා ප්‍රකාශ කළ සේක. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත. |
නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද?
නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.
මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව, ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නෝය.