Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:14 - Sinhala Revised Old Version

14 මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව, ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 සැබවින් ම, දහම් නීතිය නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, නීතිය ඔවුන් සතුව නො මැති වුවත්, ඔවුන්ම ඔවුන්ට නීතිය වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:14
16 හුවමාරු යොමු  

එබැවින් මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී,


මෙසේ ස්වභාවෙන් අචර්මඡේදිතව සිටින්නා ව්‍යවස්ථාව සම්පූර්ණකරන්නේ නම්, ලියවිල්ලත් චර්මඡේද්‍යයත් ඇතුව ව්‍යවස්ථාව කඩකරන්නාවූ නුඹව විනිශ්චය නොකරන්නේද?


ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.


ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.


සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.


මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද?


පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම නුඹලා ඉගෙනගන්නවා නොවේද?


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක.


මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද?


මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.


ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්