එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
රූත් 1:12 - Sinhala Revised Old Version මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්, Sinhala New Revised Version මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්, Sinhala New Revised Version 2018 මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්, |
එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.
එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.
වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ,
නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?
ඔවුන් වැඩෙන තෙක් නුඹලා පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය; ස්වාමීන්වහන්සේගේ අත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය.