යොෂුවා 8:26 - Sinhala Revised Old Version මක්නිසාද යෝෂුවා හෙල්ලය දිගුකළ තමාගේ අත හායිහි සියලු වැසියන් මුළුමනින්ම විනාශකර දමන තුරු පස්සට නොගත්තේය. Sinhala New Revised Version මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය. Sinhala New Revised Version 2018 මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය. |
එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගෙන සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද එක්කෙනෙක්වත් ඉතුරු නොකර සහමුලින්ම විනාශකෙළෙමු.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක නුඹ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.