ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක නුඹ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.
යොෂුවා 8:19 - Sinhala Revised Old Version එවිට සැඟවී සිටිය සමුදාව තමුන් සිටි තැනින් වහාම නැගිට, ඔහු අත දිගුකළ කෙණෙහිම දිව ඇවිත් නුවරට වැද ඒක අල්ලා, ඉක්මන්කර ගිනිලෑවෝය. Sinhala New Revised Version එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය. Sinhala New Revised Version 2018 එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය. |
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක නුඹ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.
නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.
එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ තමුන් සිටි තැනින් නැගිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිටගත්තෝය. සැඟවී බලා සිටි ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ ස්ථානයවූ ගිබියාහි පිට්ටනියෙන් නික්ම ආවෝය.
සැඟවී සිටි මිනිස්සුද ඉක්මන්කොට ගිබියාට විරුද්ධව වේගයෙන් පැතිර ගොස් මුළු නුවරට කඩුමුවහතින් පහර දුන්නෝය.