ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 8:10 - Sinhala Revised Old Version

යෝෂුවා අලුයම නැගිට සෙනඟ රැස්කොට ගණන්කොට ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ සෙනඟට පෙරටුව හායිට ගියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 8:10
7 හුවමාරු යොමු  

ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.


ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.


යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.


යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය.


යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය.


මුළු සෙනඟ එනම් ඔහු සමඟ සිටි සියලු යුද්ධකාරයෝ නැගී ළංවී නුවර ඉදිරිපිටට පැමිණ හායිට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔහුටත් හායිටත් අතරේ මිටියාවතක් විය.


මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය.