ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 7:16 - Sinhala Revised Old Version

යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 7:16
7 හුවමාරු යොමු  

ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.


ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.


කැපවූ දෙය ගත් තැනැත්තා අසුවූ කල්හි ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකළ නිසාත්, ඉශ්‍රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත්, ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුලුස්සා දමනු ලැබේයයි කියන්නැයි කීසේක.


ඔහු යූදාගේ ගෝත්‍රය ළංකෙරෙවුවිට ශෙරහිවරුන්ගේ පවුල අසු විය. ශෙරහිවරුන්ගේ පවුල එක එක පෙළපත වශයෙන් ළංකෙරෙවු විට ශබ්දීගේ පෙළපත අසුවිය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ උදය නැගිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳ ගත්තෝය.