Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:16 - Sinhala New Revised Version

16 ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:16
7 හුවමාරු යොමු  

ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.


ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.


ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.


කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”


ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය.


ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්