කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.
යොෂුවා 4:3 - Sinhala Revised Old Version ඔවුන්ට අණකරමින්–නුඹලා මෙහි යොර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටි තැන්හි ගල් දොළසක් රැගෙන නුඹලා සමඟ එතරට ගෙනගොස්, ඒවා නුඹලා අද රෑ නවාතැන් ගන්න ස්ථානයෙහි තබන්ට කියන්නැයි කීසේක. Sinhala New Revised Version ‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 ‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක. |
කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.
මුළු සෙනඟට කථාකොට: මෙන්න, මේ ගල අපට විරුද්ධව සාක්ෂියක් පිණිස තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට කී උන්වහන්සේගේ සියලු වචන ඊට ඇසුණේය. එබැවින් නුඹලා විසින් නුඹලාගේ දෙවියන්වහන්සේ එපානොකරන පිණිස ඒක නුඹලාට විරුද්ධව සාක්ෂියක් පිණිස වන්නේයයි කීවේය.
මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.
එවිට යෝෂුවා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් තමා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නියමකළ මිනිසුන් දොළොස්දෙන කැඳවා,
ඉශ්‍රායෙල් පුත්‍රයෝ යෝෂුවා අණකළ ප්‍රකාරයට කරමින් ස්වාමීන්වහන්සේ යෝෂුවාට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන හැටියට යොර්දාන මැදින් ගල් දොළසක් රැගෙන, ඒවා තමුන් සමඟ මෙතරට ගෙනැවිත් ඔවුන් නැවතුණ ස්ථානයෙහි තැබුවෝය.
එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.