ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
යොෂුවා 23:14 - Sinhala Revised Old Version බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය. Sinhala New Revised Version “බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය. Sinhala New Revised Version 2018 “බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය. |
ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.
ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.
බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?
සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.