යොෂුවා 19:12 - Sinhala Revised Old Version සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතනින් දාබෙරත්ටද යාපියාටද නැගී ගියේය; Sinhala New Revised Version සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය; Sinhala New Revised Version 2018 සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය; |
ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරලාට නැගී, දබ්බෙෂෙත්ටද යොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟටද පැමුණුණේය;
එතනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ටද එත්-කාශීන්ටද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන්ට ගියේය.
සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.
ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,