Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 19:22 - Sinhala Revised Old Version

22 සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:22
14 හුවමාරු යොමු  

ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.


මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මෝනො සහ ඒකේ පිට-බිම්ද තාබෝර් සහ ඒකේ පිට-බිම්ද;


මාකශ්හිද ෂයාල් බිම්හිද බෙත්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය.


ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.


ඉරොන්ද මිග්දල්-යෙල්ද හොරෙම්ද බෙත්-අනාත්ද බෙත්-ෂෙමෙෂ්ද යන මේවාය; නුවරවල් දහනවයක් සහ ඒවායේ ගම්ද තිබුණේය.


සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතනින් දාබෙරත්ටද යාපියාටද නැගී ගියේය;


රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;


ඉස්සාඛර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.


එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය.


ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමුන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාඛර් ගෝත්‍රයෙන්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් ලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්