යොෂුවා 15:21 - Sinhala Revised Old Version දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද, Sinhala New Revised Version දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද Sinhala New Revised Version 2018 දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද |
මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය.
ගම් සහ ඒවායේ කෙත් ගැන වනාහි යූදා පුත්‍රයන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා සහ ඒකේ ගම්වලද, දීබොන්හි සහ ඒකේ ගම්වලද, යෙකබ්සෙයෙල්හි සහ ඒකේ ගම්වලද;
යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය.
දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.