ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 14:4 - Sinhala Revised Old Version

මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 14:4
13 හුවමාරු යොමු  

යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය.


මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵලකළසේකැයි කියා දෙවෙනියාට එප්‍රායිම් යන නාමය තැබීය.


යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.


මේ කාරණාවලට පසු: ඔබගේ පියාණෝ ලෙඩින් ඉන්නාහයි යෝසෙප්ට කියන ලද්දේය. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනාවූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමඟ ගෙනගියේය.


මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.


මොවුන්ට පසු නුඹට උපදින දරුවෝ නුඹට වන්නෝය; ඔව්හු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය.


ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය.


තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්:


මනස්සේ සහ එප්‍රායිම් යන යෝසෙප් පුත්‍රයෝ මෙසේ තමුන්ගේ උරුමය ලැබූහ.