ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.
යොෂුවා 13:4 - Sinhala Revised Old Version දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්, Sinhala New Revised Version දකුණු දිශාවේ ද සීදොන්වරුන්ට අයිති වූ මෙයාරාහි පටන් අපෙක් දක්වා අමෝරිවරුන්ගේ සීමාව තෙක් කානානිවරුන්ගේ මුළු දේශයත්, Sinhala New Revised Version 2018 දකුණු දිශාවේ ද සීදොන්වරුන්ට අයිති වූ මෙයාරාහි පටන් අපෙක් දක්වා අමෝරිවරුන්ගේ සීමාව තෙක් කානානිවරුන්ගේ මුළු දේශයත්, |
ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.
ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.
මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.
අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹලා මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනගියෙත් මමය.
මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.
නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.
සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.