තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
යෙසායා 5:13 - Sinhala Revised Old Version එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති. Sinhala New Revised Version ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති; පොදු ජනයා පිපාසයෙන් පෙළෙති. Sinhala New Revised Version 2018 ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති; පොදු ජනයා පිපාසයෙන් පෙළෙති. |
තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;
පනසාධිපතියා සහ ගරුතර තැනැත්තාද මන්ත්‍රියාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද පහකරනසේක.
මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත.
එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවූවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.
මා පිටතට ගියොත් කඩුවෙන් මැරුම්කෑ අය පෙනේ! මා නුවරට ඇතුල්වුණොත් සාගතයෙන් ලෙඩවී ඉන්න අය පෙනේ! මක්නිසාද අනාගතවක්තෘද පූජකයාද කිසිවක් නොදැන දේශයෙහි ඔබමොබ යති.
ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.
එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේගේ විනිශ්චය නොදනිති.
සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.
කාලය පැමිණ තිබේ, දවස ළංවී තිබේ. මිලේට ගන්නා ප්‍රීති නොවේවා, විකුණන්නා නොවැලපේවා. මක්නිසාද කෝපය එහි මුළු සමූහයා පිට තිබේ.
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
සමාරියේ අපරාධය ගැන දිවුරන්නාවූ, දාන්, නුඹේ දෙවියන් ජීවමාන බව සැබෑවා සේම කියාත් බෙයෙර්-ෂෙබාහි මාර්ගය ජීවමාන බව සැබෑවා සේම කියාත් කියන්නාවූ,
නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.
තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්,