ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 48:13 - Sinhala Revised Old Version

එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.

පරිච්ඡේදය බලන්න



යෙසායා 48:13
18 හුවමාරු යොමු  

වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද?


ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.


උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.


කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.


තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?


නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද?


පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,


නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.


ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.


නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.


පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.


මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.


අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?


උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියසේක.


(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.