උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.
යෙසායා 45:11 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න. Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද? Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද? |
උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ සෙනඟවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට ආශීර්වාදකළසේක.
එහෙත් මාගේ අත්වල වැඩ වන තමාගේ දරුවන් තමා සමඟ සිටිනවා ඔහු දුටුවාම ඔව්හු මාගේ නාමයට ගෞරවකරන්නෝය; එසේය, ඔව්හු යාකොබ්ගේ ශුද්ධ තැනන්වහන්සේට ගෞරවකොට, ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව සිටින්නෝය.
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.
මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය.
මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.
කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.
නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.
නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.
ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත, එලෙස ඔවුන් ගෙනෙන්නෙමි. වතුර ඔයවල් ළඟටද නොපැකිලෙන්නාවූ ඇද නැති මාර්ගයකද ඔවුන් ගෙනයන්නෙමි. මක්නිසාද මම ඉශ්‍රායෙල්ට පියකෙනෙක් වී සිටිමි, එප්‍රායිම්ද මාගේ කුලුඳුලාය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්‍රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.
මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලසන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.
තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.
එසේය, ඔහු දේවදූතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය. ඔහු අඬා උන්වහන්සේට කන්නලව්කෙළේය. බෙතෙල්හිදී උන්වහන්සේ ඔහුට සම්බවිය.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.