යෙසායා 42:17 - Sinhala Revised Old Version රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය. Sinhala New Revised Version රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.” Sinhala New Revised Version 2018 රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.” |
රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.
ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.
මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.
මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.
බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.
ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.
රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.
ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.