යෙසායා 41:7 - Sinhala Revised Old Version මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය. Sinhala New Revised Version කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය. ‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති. Sinhala New Revised Version 2018 කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය. ‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති. |
තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.
ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.