Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 41:6 - Sinhala Revised Old Version

6 එක එකා තම තමාගේ අසල්වාසියාට උපකාරකොට, තම තමාගේ සහෝදරයාට: ධෛර්යවත්වෙන්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එක එකා තම තමාගේ අසල්වැසියාට උපකාර කොට, තම තමාගේ සහෝදරයන්ට ‘ධෛර්යවත් වන්නැ’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එක එකා තම තමාගේ අසල්වැසියාට උපකාර කොට, තම තමාගේ සහෝදරයන්ට ‘ධෛර්යවත් වන්නැ’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 41:6
10 හුවමාරු යොමු  

ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.


කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි.


භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.


ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය;


මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්