ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 37:13 - Sinhala Revised Old Version

හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”

පරිච්ඡේදය බලන්න



යෙසායා 37:13
10 හුවමාරු යොමු  

අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය.


හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හිද හේනාහිද ඉව්වාහිද දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද?


හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.


කල්නෝ කර්කෙමිෂ් වාගේ නොවේද? හමාත් අර්පද් වාගේ නොවේද? සමාරිය දමස්කය වාගේ නොවේද?


හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හි දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද?


මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද?


හෙසකියා පණිවිඩකාරයන්ගේ අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක දිගහැර,


දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.


එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති.