Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 37:13 - Sinhala New Revised Version

13 හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 37:13
10 හුවමාරු යොමු  

දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය: “හමාත් හා අර්පාද් යන නගරවල වැසියන්ට නරක ආරංචියක් ලැබී ඇති බැවින් ඔව්හු කැළඹීමට පත් වී සිටිති. චංචලය ඇති නිශ්චලයක් නැති මුහුද මෙන් ඔව්හු භීතියෙන් ඇලළී යති.


හමාත්හි හා අර්පාද්හි දෙවිවරු දැන් කොහි ද? සෙපර්වායිම්හි දෙවිවරු කොහි ද? කිසි ම දෙවි කෙනෙක් සමාරිය බේරා ගත්තේ ද? කොහෙත් ම නැත.


කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි. සමාරිය හා දමස්කය මම ජය ගතිමි.


හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය.


හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද?


අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.


මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය.


හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්,


ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්