ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.
යෙසායා 35:3 - Sinhala Revised Old Version බෙලහීන අත් බලවත්කර, වෙවුලන දණහිස් සවිකරන්න. Sinhala New Revised Version බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න; Sinhala New Revised Version 2018 බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න; |
ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.
එහෙත් මෝසෙස්ගේ අත් බරවුණේය; එවිට ඔව්හු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය, ඔහු ඒ පිට හිඳගත්තේය; ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය; එවිට ඔහුගේ අත් ඉර බස්නාතෙක් ස්ථිරව තිබුණේය.
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා.
නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.
ඔහු එහි කලක් පසුකොට පිටත්ව පිළිවෙළින් ගලාතියේ සහ පිරිගියේ පළාත මැදින් ගොස් සියලු ගෝලයන් ස්ථිරකෙළේය.
එවිට ඔවුන් කියන දේ නුඹට ඇසුණාම කඳවුරට බැස යන්ට නුඹේ අත් බලවත්වන්නේයයි කීසේක. එවිට ඔහු තම මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරේ අයිනේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය.
ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.