යෙසායා 34:8 - Sinhala Revised Old Version මක්නිසාද මේක ස්වාමීන්වහන්සේගේ පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාකදෙන අවුරුද්දය. Sinhala New Revised Version සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ. Sinhala New Revised Version 2018 සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ. |
මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.
බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්සේගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.
මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි, කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි.
නුඹට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාණන්ද බවත් මාංසමයවූ සියල්ලෝම දැනගන්නෝය.
ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,
මක්නිසාද පළිගැනීමේ දවස මාගේ සිතේ තිබුණේය, මා විසින් මුදනු ලැබූවන්ගේ අවුරුද්දත් පැමිණ තිබේ.
නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.
දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.
ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි.
ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා.
දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?
ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.
ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය.
ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.
මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.