තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:
යෙසායා 3:19 - Sinhala Revised Old Version කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද; Sinhala New Revised Version අත් වළලු ද මුවවස්නා ද; Sinhala New Revised Version 2018 අත් වළලු ද මුවවස්නා ද; |
තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:
ඔහු නාසාභරණයද තමාගේ සහෝදරීගේ අත්වල තිබෙන වළලුද දැක: ඒ මනුෂ්‍යයා මට මෙලෙස කථාකෙළේය කියා තමාගේ සහෝදරීවූ රෙබෙකා කී වචන ඇසූ කල ඒ මනුෂ්‍යයා වෙතට ගියේය; බලව, ඔහු උල්පත ළඟ ඔටුවන් වෙත සිටියේය.
මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.
එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.
කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. නුඹේ මුද්‍රාවත් නුඹේ මාලයත් නුඹේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.
ඈ පිටතට ගෙනෙනු ලැබූ කල්හි ඈ කථාකොට: මේ දේ අයිති මනුෂ්‍යයා කරණකොටගෙන මම ගර්භිණීව සිටිමි. මේ මුද්‍රාවද මාලයද සැරයටියද කාගේදැයි විමසා බලන ලෙස නුඹෙන් ඉල්ලමියි ඇගේ මාමණ්ඩියට කියා ඇරියාය.
ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය.
කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.
එබැවින් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය.