Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:11 - Sinhala Revised Old Version

11 මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලුද නුඹේ බෙල්ලේ මාලයක්ද දැමුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:11
31 හුවමාරු යොමු  

තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:


කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද;


ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,


මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.


මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.


එවිට පහසුගෙන නොසැලකිලිකමින් සිටින සමූහයක හඬ ඈ තුළ නැගුණේය. සාමාන්‍ය උදවියගෙන් මිනිසුන් හා සමඟ බේබද්දෝද කාන්තාරයෙන් ගෙනෙනු ලැබුවෝය; ඔව්හු ඒ අයගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ ඉස් පිට අලංකාර ඔටුනු තැබුවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය.


වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:


ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි.


නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.


ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එකල බේල්ෂශර්ගේ ආඥාව පිට දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් හඳවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාය කියා ඔහු ගැන ප්‍රසිද්ධියක් කරනලද්දේය.


නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය.


එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය.


තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,


අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.


ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද,


මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.


නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.


ප්‍රඥාවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙනි.


ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ නුඹට පළඳවන්නීය.


එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.


රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය.


ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය.


තවද ඔහුගේ හිස පිට මකුටය ලා, මකුටය පිට ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ ඔටුන්න ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස තැබුවේය.


කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.


ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය.


එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.


මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.


මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්