ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 22:21 - Sinhala Revised Old Version

නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 22:21
8 හුවමාරු යොමු  

එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.


මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ.


රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය.


මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.


ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, පාට ඇති දිග රෙදි ඔවුන්ගේ හිස්වල දමා තිබුණේය. ඔවුන් සියල්ලෝම තමුන් උපන් දේශයවූ කල්දියාවේ බබිලෝනිවරුන්ගේ ස්වරූපයේ හැටියට පෙනීමෙන් වංශාධිපතියෝව සිටියෝය.


යොනාතාන් තමාගේ සළුව ගළවා ඒකද කඩුවත් දුන්නත් ඉඟපටියත් ඇතුළුව තමාගේ ඇඳුමද දාවිත්ට දුන්නේය.