Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:8 - Sinhala Revised Old Version

8 එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:8
11 හුවමාරු යොමු  

නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.


ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.


එවිට මීකා: මා සමඟ වැස මට පිය කෙනෙක්ද පූජකයෙක්ද වෙන්න, මම නුඹට අවුරුදුපතා රිදී දසයක් හා ඇඳුම් කුට්ටමකුත් කෑමත් දෙන්නෙමියි ඔහුට කීවේය.


නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක.


මක්නිසාද සමහරවිට ඔහු කලකට නුඹෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු නුඹට ලැබෙන පිණිස වෙන්ට පුළුවන.


නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.


තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්