මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 13:21 - Sinhala Revised Old Version වන මෘගයන් එහි ලගිනවා ඇත; ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත; පැස්බරුන් එහි වසනවා ඇත. වල් එළුවන්ද එහි නටනවා ඇත. Sinhala New Revised Version වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත. Sinhala New Revised Version 2018 වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත. |
මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.
එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.
මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.
එබැවින් වනයේ සත්තුද වෘකයෝද එහි වසන්නෝය, පැස්බරුද එහි වාසයකරන්නෝය. එහි තවත් කවදාවත් වැසියෝ නොවන්නෝය; පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.
ඉන්නිසා මම වැලපී කෑගසන්නෙමි, වස්ත්‍ර ගළවා නිර්වස්ත්‍රව යන්නෙමි. සිවලුන් මෙන් විලාපයක් කරන්නෙමි, පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
එහි තුළ මෘග රැළවල් වන සියලු වර්ගවල සත්වයෝ ලගින්නෝය. කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය. මක්නිසාද උන්වහන්සේ කිහිරි ලී කර්මාන්තය බිඳහෙළා තිබේ.
ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.