ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ප්‍රේම ගී 3:11 - Sinhala Revised Old Version

සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.

පරිච්ඡේදය බලන්න



ප්‍රේම ගී 3:11
31 හුවමාරු යොමු  

ඔබගේ විනිශ්චයන් නිසා සියොන් කන්ද සන්තෝෂවේවා, යූදාගේ දූවරු ප්‍රීතිවෙත්වා.


ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.


යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.


යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.


මාගේ ප්‍රේමවන්තය, එන්න, අපි ගම් පෙදෙසට ගොස්, ගම්වල නැවතී සිටිමු.


තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම නුඹ පිබිදෙවු වෙමි. එහි නුඹේ මෑණියෝ නුඹ ගැන රුජා වින්දාහ, එහි නුඹේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.


සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලමෙහි ඉතුරුවෙන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලියවී සිටින සියල්ලෝ, ශුද්ධයයි කියනු ලබන්නෝය.


උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.


මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.


මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.


නුඹ ගොස්-ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි.


එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.


ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,


දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.


මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.


මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ.


උන්වහන්සේ සභාව නමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය.


ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු.


නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.


බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.


උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ.


හලෙලූයා. අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළුපැටවාණන්ගේ සරණමංගල්‍යය පැමිණියේය, උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනුයි.